කුලි / සිද්ධාර්ථ මහා විද්‍යාලය , හල්මිල්ලවැව

නිර්මාතෘවරු

2023 සිංහල හින්දු නව වසර සැමරුම

ලෝක ගුරු දිනය සැමරීම-2023

වෙසක් උත්සවය සැමරීම

වාණිජ දිනය -2023

WhatsApp Image 2024-03-04 at 09.43.04_d03e4f66.jpg
WhatsApp Image 2024-03-04 at 09.43.04_d03e4f66.jpg

 

අපේ පාසල වයඹ පළාතේ , කුරුණෑගල දිස්ත්‍රික්කයේ , කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ බිංගිරිය කොට්ඨාසයේ , හලාවත - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා හල්මිල්ල්වැව ග්‍රාමයේ  භූමි භාගයක පිහිටි  ප්‍රදේශයේ දූදරුවන්ගේ නැණ නුවණ පෑදීමට මහෝපකාරී වන සුන්දර පුංචි පාසලකි. 

ආදි මුතුන් මිත්තන්ගේ සිට පරම්පරා ගණනකට උරුමකම්පාමින් අභිමානයෙන් වැජඹෙන අප පාසලේ ආරම්භය අධිරාජ්‍ය යුගය දක්වා දිවයයි.ආර් .එම් පුංචිරාළ මහතාගේ පුද්ගලික් පරිත්‍යාගයකින් ලත් මෙම සුන්දර භූමි භාගය අතීතයේ පොල් අතු සෙවිළි කළ මැටි බිත්ති හතරකින් වටවූ එක් ගොඩනැගිල්ලකට සීමා විය. සිසුන් 11 දෙනෙකුගෙන් ආරම්භ වූ අප පාසල පසු කාලීනව ගොඩනැගිලි දෙකක් දක්වා වර්ධනය විය. අප පාසලෙහි මුල් ගුරුතුමා   -  පිරිමි පාසල     - R.B. වික්‍රමසිංහ මහතා

                                                                                                                                               මුල් ගුරුතුමිය  - කාන්තා පාසල - H. M. සුමනාවතී මිය

1915/05/06 දින ලොග් සටහනට අනුව මුලින්ම ආරම්භ  වී ඇත්තේ පිරිමි පාසලය. අප පාසලේ එම කාල වකවානුව තුළ පිරිමි සිසුන්148 ක්ද ගැහැණු ළමයි තිදෙනෙක්ද ඉගෙනුම ලබා ඇත. එම සටහනට අනුව අප පාසල එකල රජයට පවරා ගැනීමෙන් අනතුරුව ප්‍රථම උත්සවය 1912/02/14 දින පවත්වා තිබේ. අප පාසලේ මෙම භූමිය ආර්.එම්. පුංචිබණ්ඩාගේ ධන පරිත්‍යාගයකි.