අප පාසලේ ඉතිහාසයෙන් බිදක්
වයඹ පළාතේ කුරුණෑලග දිස්ත්‍රික්කයේ බිංගිරිය ඡන්ද බල ප්‍රෙද්ශයේ හලාවත කුරුණෑගල ප්‍රධාන පාරට මුහුණලා හෙට්ටිපොල - බිංගිරිය නගරයන් දෙක අතර කුලි/ හල්මිල්ලවැව සිද්ධාර්‍ථ මහා විද්‍යාලය පිහිටා ඇත.
විද්‍යාලයේ පවත්නා තොරතුරුවලට අනුව ක්‍රි.ව. 1912/02/14 දින මෙම විද්‍යාලය ආරම්භ කර ඇත. මෙහි මුල්ම විදුහල්පතිතුමා වූයේ ආර්.බී. වික්‍රමසිංහ මහතාය. මෙම විද්‍යාලය මුලින්ම නම් කර ඇත්තේ ස්වභාෂා පාඨශාලාව යනුවෙනි. විද්‍යාලය ආරම්භක අවස්ථාවේ පිරිමි ළමුන් පමණක් ඇතුළත් කර ගෙන ඇත. ඒ අනුව මුලින්ම ඇතුලත් කරන ලද ශිෂ්‍යයා වී ඇත්තේ එම්. පුංච්නිළමේ නම් වූ ශිෂ්‍යයාය. 1920/ 05/22 දින මෙම විද්‍යාලයට මුල්ම ශිෂ්‍යාව ලෙස ධනවතී හේරත් ශිෂ්‍යාව ඇතුළත් කරගෙන ඇත. ආරම්භක අවස්ථාවේදී දෙමාපියන් 125 ක් සහ ශිෂ්‍ය සංඛ්‍යාව 153 කි. මුල්ම ගුරු මාතාව 1924/09/04 දින මෙම විද්‍යාලයට පැමිණ ඇත.
අධිරාජ්‍යවාදී සමයේ ඇරඹි මෙම පාසල අධීක්ෂණය සදහා කෝරළේ මහත්තයා , රටේ මහත්තයා, ගම් ආරච්චිල ආදී තනතුරු දැරූවන් පැමිණ ඇත. ඔවුන් විසින් විද්‍යාලයේ බඩුබාහිරාදිය අධීක්ෂණය , රටේ පවතින ව්‍යසනවලදී ක්‍රියාකිරීම සහ පාසල් නොපැමිණෙන ළමුන්ට විරුද්ධව නඩු පැවරීම ආදිය සිදු කර ඇත.
ක්‍රමයෙන් දියුණුවට පත් වූ මෙම පාසලේ කියවීම, ලිවීම, භූගෝලය, ආගම, ගණිතය, සිංහල , ගොවි කර්මාන්තය, ඉගැන්වූ විෂයන් අතර විය. පසුකාලීනව සාහිත්‍ය, ඉතිහාසය , සෞඛ්‍ය , ඉංග්‍රිසි යන විෂයන්ට ප්‍රමුඛත්වය ලැබී ඇත.
ගැහැණු - පිරිමි වශයෙන් වෙන්ව තිබූ මෙම පාසල 1951/01/01 දින කුලි/ හල්මිල්ලවැව සිද්ධාර්‍ථ මහා විද්‍යාලය නමින් මිශ්‍ර පාසලක් බවට පත් වී ඇත. එවකට ප්‍රධාන ආචාර්‍යවරයා වූ ඩබ්.එන්.කේ. වීරසිංහ මහතා විසින් මෙම විද්‍යාලයේ විද්‍යා විෂය ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර 1964 දශකයේ දී උසස් පෙළ විෂය ධාරාව සදහා කෘෂි විද්‍යාව ප්‍රථම වරට ඇතුළත් කරන ලද්දේ මෙම විදුහලෙහිය.
1958 වර්ෂයේදී ලංකාවේ ප්‍රාථමික පාසල් විස්සක් මහා විද්‍යාල බවට පත්කළ අතර මෙම විද්‍යාලය ද ඒ අතරට ඇතුළත් විය. ඉතා ඉහළ ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉගෙනුම ලැබූ පාසලේ කීර්තිනාමය රට පුරා පැතිර ගියේය. රටට වඩාත් වැඩදායී කීර්තිමත් පිරිසක් මෙමවිද්‍යාලයෙන් රටට බිහි බිහිකෙරුණි. වර්තමාන සිද්ධාර්‍ථය ළමුන් 1 ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා ම කලා හා වාණිජ විෂය ධාරා ක්‍රියාත්මක වන ගුරුභවතුන් විසි අටක් සහ සිසු දරු දැරියන් 428 ක් ඉගෙනුම ලබන අධ්‍යයන කාර්‍ය මණ්ඩලය පස් දෙනෙකුගෙන් සමන්විත මානව සම්පතක් හිමි කරගෙන ඇති මහා විද්‍යාලයකි.





